සොබා දහම විසින්
හෝ කලා කරුවෙකු විසින් කරන නිර්මාණයක
මනාව සංකලනය වූ රිද්ම රටාවකින්
සිතේ ජනිතවන හැඟීම
සදාතනික මතක සටහනක් බවට
විටෙක නිතැතින්ම පත් වෙයි.
නෙත සිත ප්‍රිය කරන සිත්කළු රටා මවන
ස්වර්ණමය ලක්ෂ්‍යය සහ ස්වර්ණමය වක්‍රය
දෘෂ්‍ය රූප හරහා ඇති කරන බලපෑම
කුඩා දරුවාට මෙන්ම මහල්ලාටද
ගල් යුගයේ ගෝත්‍රිකයාට මෙන්ම නූතන විද්‍යාඥයාටද පොදුය.
=======================================================
කෙටි පාදය එකක් නම්
දිග පාදය එකයි දශම හයක් පමණ වුණාම
ස්වර්ණමය ඍජු කෝණාශ්‍රයක් හැදෙයි.
බෝතලය ළා නිල් පාට වුණාම
වතුර පිරිසිදුයි කියල
හිතට දැනෙනවා වගේ
ස්වර්ණමය ඍජු කෝණාශ්‍රයත් ඇහැට ප්‍රියයි.
-------------------------------------------------------------------
ස්වර්ණමය ලක්ෂ්‍යය සහ ස්වර්ණමය වක්‍රයට පදනම් වෙන
Fibonacci අංක,
Fibonacci මාලාව,
Fibonacci රටාව යනු
පහත දැක්වෙන රටාවයි.
0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, ......
 |
| Leonardo Fibonacci (1175-1250) |
මෙම රටාව 1202 දී හඳුනාගැනීමේ ගෞරවය
පීසාහි ලියනාඩෝ ෆිබොනාචිට හිමිවන බව ප්‍රකට වුවද
ක්‍රි.ව. 598දී ඉන්දියාවේ උපන් බ්‍රහ්මගුප්ත විසින්ද සොයාගෙන තිබිණි.
බ්‍රහ්ම ස්ඵුට සිද්ධාන්ත නම් පොත ලියමින්
අරාබියට ඉන්දියානු තාරකා ශාස්ත්‍රය හඳුන්වා දුන් බ්‍රහ්ම ගුප්තයන්
බටහිර ඉතිහාසඥයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත.
ඉන්දියානු-අරබි අංක ශාස්ත්‍රය
යුරෝපයට හඳුන්වා දුන් ගණිතඥයා ලෙස
ඉතාලියේ පීසාහි ලියනාඩෝ ෆිබොනාචි ඉතිහාසයට එක්වෙයි.
Fibonacci අංක,
Fibonacci මාලාව,
Fibonacci රටාව නම්
පහත දැක්වෙන රටාව
0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, ......සැදෙන්නේ
එක් අංකයකට පෙර ඇති අංක දෙකේ එකතුවෙනි.
2=1+1
3=2+1
5=3+2
මෙම රටාව මෙසේ අනන්තය දක්වා ගමන් කරයි.
මෙම රටාවේ එක ළඟ ඇති අංක දෙකක
කුඩා අංකයෙන් විශාල අංකය බෙදූ විට ලැබෙන අනුපාත
1, 2, 1.5, 1.667, 1.6, 1.625, 1.615, 1.619, 1.618 ආදී වශයෙන් වෙනස් වී
1.6180339887 ස්වර්ණමය අනුපාතය නමින් හැඳින්වෙන
අංකයට ආසන්න අගයක පවතී.
1 : 1.618ක් ලෙස දැක්වෙන ස්වර්ණමය අනුපාතය
ස්වභාව ධර්මයෙහි නිතරම දක්නට ඇති
පොදු අනුපාතයකි.
ස්වර්ණමය අනුපාතය යනු
කුඩා DNA අණුවේ සිට චක්‍රාවාට දක්වාත් ඉන් ඔබ්බටත්
ස්වභාව ධර්මය සමබරතාවය රැකගැනීමට
උපයෝගී කරගන්නා අනුපාතයයි.
මෙම අනුපාතය බොහෝ විට 1.618 ආශ්‍රිතව පවතියි.
වෙළඳපොල ආර්ථිකය හා කොටස් වෙළඳපොල වැනි
අවිනිශ්චිත ක්ෂේත්‍රයන් මත පවා මෙම අනුපාතය බලපාන බව
අද පිළිගැනෙයි.

මෙහි තද නිල් වක්‍ර 21කට ළා නිල් වක්‍ර 13ක් පිහිටා ඇත.
ගස් වල අතු ඉති බෙදෙන ආකාරය,
මල්වල රේණු විහිදෙන ආකාරය ආදී වශයෙන්
ස්වභාව ධර්මයෙහි දක්නට ලැබෙන ස්වර්ණමය අනුපාතය
DNA අණුව,

මිනිස් සිරුර,
චිත්‍ර ශිල්පය, මූර්ති ශිල්පය,
ගෘහ නිර්මාණ ශිල්පය, ඡායාරූප ශිල්පය,
වෙළඳ ප්‍රචාරණය ආදී
විවිධ ක්ශේත්‍රවල දක්ෂයින්
සිය නිර්මාණ වලට
ස්වර්ණමය වක්‍රය
නොයෙක් ආකාරයෙන් යොදාගෙන ඇත.

ප්‍රචාරක වෙළඳ ලකුණු
ඇපල් සමාගමේ
ප්‍රචාරක වෙළඳ ලකුණු වලට
ස්වර්ණමය රීති උපයෝගී වෙනවා.
========================================================
ගෘහ නිර්මාණ ශිල්පය
Pyramids of Giza, the Parthenon, සිට
Le Corbusier and Mies van der Rohe ආදීන්ගේ නිර්මාණ
===========================================
මෝටර් රථ නිපදවීම
ජේම්ස් බොන්ඩ් 007 චිත්‍රපට මාලාව සඳහා නිපැයුණ
ඇස්ටන් මාටින් මෝටර් රථ නිර්මාණයේදී...
.
ස්ටාර් ට්‍රැක් චිත්‍රපට සඳහා නිර්මාණය කළ
USS Enterprise යානය
================================================================================
සංගීතය
2, 3, 5, 8, 13 අනුපාත සංගීත ස්වර අතර..
Billie Jean MICHEAL JACKSON Thriller
මයිකල් ජැක්සන්ගේ
අතිශය ජනප්‍රිය ගීතයක් වන බිලි ජීන් ගීතයේ
ආරම්භක වාද්‍ය ඛණ්ඩ වලදී මෙන්ම
තවත් සුවිශේෂී සංගීතඥයන්ගේ සංගීත නිර්මාණ වලත්
ස්වර්ණමය රටාව අඩංගු වන බව
දකුණු ඉන්දියානු සංගීතඥයෙකු වන
විජේ අය්යර් පවසයි.
===================================================
ඡායාරූප ශිල්පය










============================================================
ස්වර්ණමය වක්‍රය අඳින ආකාරය
0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, ......
ස්වර්ණමය වක්‍රය ඇඳීමේදී මෙම අනුපාත භාවිතා වෙයි.


ස්වර්ණමය වක්‍රය අඳින ආකාරය
ස්වර්ණමය රීතිය හෝ වෙනත් රීති කියන්නෙ
නිර්මාණ කළයුතු නිශ්චිත ක්‍රම වේදයන් නොව
සොබා දහමෙ සමබරතාවය රකින හෝ බිඳින
පොදු රටාවන් අනුව මිනිස්
මනස හැසිරෙන ආකාරය පිළිබඳව
ගොඩ නැගුණ සිද්ධාන්ත පමණයි.
ගයිරස්කෝපය විශ්මය ජනකයි.
ගයිරස්කෝපය අහස් යානාවෙ ගමනට ආධාර වෙනවා.
එක විදියකට, ගයිරස්කෝපය
අපේ කණ ඇතුලෙ තියන
සිරුරෙ සමබරතාවය රකින්න
ආධාරවෙන කොටස් වගෙයි
කියල හිතනවා..
ගුරුත්වාකර්ෂණය තේරුම් ගැනීමෙන් සහ
තවත් නීති අධ්‍යයනයෙන්
අහස් යානය නිපදවීම සිදු වුණා.
රීතිත් ඒ ආකාරයටයි
උපයෝගී වියයුත්තෙ..
ගයිරස්කෝපය වුණත්
හරියට භාවිතා කරන්න
දන්නෙ නැති කෙනෙකුට
ඒක වටින්නෙ නැහැ.
ස්වර්ණමය රීතිය ඇතුළු
අනෙක් දෘෂ්‍ය කලා රීතිත්
නිවැරදිව උපයෝගී කරගැනීමෙන් හා
නිර්මාණශීලීව බිඳීමෙන්
විශ්මය ජනක ප්‍රතිඵල ලබා ගත හැකියි.
රීති රැකීමටත් රීති බිඳීමටත්
රීති දැනගත යුතුයි.